සරත් සමය එළඹුණා

සරත් සමය එළඹුණා

මාක් ඇන්ටනි කුමාරගේ

සරච්චන්ද්‍ර දිලෙයි අඹරෙ තරුත් නිදන මැදියමේ සරත් සිසිල් සුළං හමයි සිසිල ගලන වෙලාවේ ගිම්හානය හැර ගියා සරත් සමය එළැඹුණා සිසිල අරන් හමන සුළං සැම තැනකම දැවටුනා හිරුත් හොරෙන් හොරෙන් වගේ ඉඳ හිට එබිකම් කරයි සරා වළා වලින් වැසී නුඹ නිතරම අඩ'ඳුරේ සැහැල්ලු ඇඳුමට සමුදී මිනිසුන් ලොම් ඇඳුම් අඳී හමන සිසිල් සුළං වැදී දැවටූ රෙදි පිළිද මදී පන්හිඳේ අරගලේ කාව්‍ය සංග්‍රහයෙන් @ජූනි 2025
කවිය බලන්න