මට හරි පාළුයි ළමයෝ
ඔබ නැති මේ රැයට
පුර සඳ එළිය කුමටදෝ නන්දා
ඔබ නැති මේ බිමට
නල මුදු සුවඳ කුමටදෝ....... නන්දා
මහකන්දරා වැවට පුන්සඳ කඩා වැටුනා
අප හැර ගියාය...... නන්දා
අහස් කුසේ……. ලැව් ගින්නෙන්
සඳ හිරු තරු……. ගිනි ගනීවි……… නන්දා
ඔබ හඬනා කඳුළු ගලා………. සැදුණු
කඳුළු....... සාගරයේ... තනිව හැඬූ...... නන්දා
ජීවිතයේ යාත්‍රාව අපව සොයා
පැමිණියේ........... නන්දා...
රුවල් ඉරීගිය නෞකාවේ
අප....තනිකළ නන්දා...
අරලිය ළන්දට පෑයූ පුන්සඳ ඔබ
නන්දා...
ඔබ නැතිදා........ නන්දා........
හඬන ළමා වසුපැටවුන් උණුසුමකට
ගාල් උනේ නැත නන්දා....
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑගසා
ඔබව අයැදිය නන්දා......
සීහල ගී......... අමෘතයේ
නැන්දා ඔබයි නන්දා.......
සීහල ළය පලා ඉපදුණු
ගීත කන්ද......... නන්දා.......
පූජාසනයේ අප ඉඳුවා
යන්න ගියා ඔබ නන්දා
ලොවම එපාවී...... ලොවම කලකිරී
ශ්වේත වර්ණයේ කැඩපත නන්දා.........
සුළංකපොළුවල තනිවී
මගේ සඳ ඔබ
කොහෙදැයි....... සෙවුවාය..... නන්දා.......
කප් සුවහස් කල් පෙරුම් පුරා
අනන්ත බාධක දුක් පීඩා විඳ
අපව සොයා....... ආ......... නන්දා.
පෙරදා...... මහ රෑ ඔබ කොතැනක
සැඟවුණා ..... නන්දා.......
අහස සේ..... ඔබ අනන්තයි........
නන්දා.....
සැඳෑ කළුවර කුරගගා ඇවිත් අපව
හඬවයි..... තවම....... නන්දා....
සප්ත ස්වරයේ දොරටුව
අපට ඔබයි නන්දා.....
Photo Credit: Sarath Perera
කවිය බලන්න
