ඉතින් ඔබ එන්න අපි බලාන ඉන්නවා.

ඉතින් ඔබ එන්න අපි බලාන ඉන්නවා.

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

සරච්චන්ද්‍ර යන් කී ලෙස ‘යෑම හොඳය ගොස් ඊම ද හොඳය ලොවැ ඇත්තේ යෑම් ඊම් පමණි නොගොසින් එන්ට බැරිය නෑවිත් යන්ට බැරිය’ ඔබ ගියා නේ ඉතින් නැවත එන්ට ඇහැකි පළස් චත්‍ර ධ්වජ චාමර නිතැතින් හිමිකර ගත් ඔබ, අළුයම ලූ කෙළ පිඩ සේ ඒ සියල්ල අත හැරදා, ස්වෛරී සුසත්‍ය වචනය අභීත ආත්ම දෘෂ්ඨිය ඉහ මුදුණේ දවටා ගත්, ගුවන සිසාරා හඩ දුන් ශ්වේත වර්ණ සංඛය සේම නැවතත් ඉන්ට ඇහැකි. ඒ සුසත්‍ය වචන වැලෙන් සත්‍යයයේ ගී පද බැඳ රළු පවනක ප්‍රවේගයෙන් ගෙනැහැකි ආයිත් ඔබටම සවන් පුරා මුමුණමින් ශ්‍රී ගණ මෛත්‍රි මූර්තී ශ්‍රී පද පද්ම නමාමි ඉතින් ඔබ එන්න අපි බලාන ඉන්නවා.
කවිය බලන්න