වරින් වරේ සිඟිති දසුන අපෙ හිත් උණුහුම් කලා

වරින් වරේ සිඟිති දසුන අපෙ හිත් උණුහුම් කලා

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

ඇහැල මහේ පුරා හඳේ රැස් දහරක් පැතිරුණා පුංචි පුංචි රෝස කැකුළු අතු අතරින් පිබිදුණා මල් පෙති මත බබළන පිනි හඳ එළියෙන් දිළිහුණා බිළිඳු මුවක මඳහසකින් නැවුම් පැතුම් එක්වුනා. මොළකැටි අත් පා දෙකොපුල් සුකොමාළයි හරි හැඩයි හීන් හිනා පුංචි මුවේ අපෙ හිත් හොරකම් කරයි ළපටි කතා මොනවාදෝ කියන්න මුව හකුලුවයි නෝක්කාඩු ටික හුරතල් එනවා පෙරමග පෙනෙයි. හීතල හිරිකඩ වැහිපොද හතර වටේ දැවටිලා ගහ කොළ මිහිකත සිපගෙන ඇලී එකට ගුලි වෙලා පෙනෙන දසුන් හැම තැනකම හීතලෙන්ම මිරිකලා වරින් වරේ සිඟිති දසුන අපෙ හිත් උණුහුම් කලා. Photo Credit; Juliia Abramova
කවිය බලන්න