ඔබේ ගී හඬ කලා සුවපත්.................
අරන් ගී අසිපතක් රිංගා දුකට පත් හදවතට නිරතුරු
සොයන්නිය පෙන්වමින් නොපනත් කමේ ඇති බව කමක් බියකරු
සරන්නිය දෙවොලක දේවඟනක් විලස කරමින් ලොවම පියකරු
උපන් රණ හඬ ඔබයි කෙවිලියේ නන්දා වු ජන හදට සුමිතුරු
සහනයක් ඉල්ලූ තරුන කැල හැඬූ සුවපත් රටක් ඉල්ලා
කුරිරු පාලකයන් දැමුවේ උන්ව මහ ගිනි ගොඩක් දල්ලා
දෙමව්පියො සොහොයුරො හඬද්දී තම දූ දරුන් දිවිය ඉල්ලා
ඔබේ ගී හඬ කලා සුවපත් සාමයක් පිරි ලොවක් ඉල්ලා
කවිය බලන්න
