කුරුළු ලොවේ...

කුරුළු ලොවේ...

ලතා ද සිල්වා මෙල්බර්න්

මැග්නෝලියා පඳුරෙහි කිචි බිචිය ඇසේ සෙලවෙන අතු රිකිලි අව් රැල්ලකට දිසේ විඳගමි පුරා මගෙ දෙසවන් කුරුලු රසේ සුරතල් වෙවී උන් සැඟවී විඳියි තොසේ කිරිලිය පනියි අත්තෙන් අත්තට ඉගිලී පසුපස හඹයි කුරුලා සතුටින් ඉපිලී පියඹා බිමට එයි මල් අත්තෙන් ඉගිලී මොනවද අහුලගෙන යයි අතු අස්සටම යලී පුලුන් වගේ පැටවුන් දෙන්නා තුරුලූ කරගෙන තුඩින් තුඩඟට තබම්න් ඇහිලූ මොනවාදෝ කවයි ආදරයෙන් රිසිලූ සුන්දර කුරුලු ලෝකය සතුටකි මනලූ මෙල්බර්න් 26පෙබරවාරි 2026
කවිය බලන්න