කලකින් හමුවූ මිතුරා
හමුවෙනු වස් කලෙක මිතුරෙක් ටිකක් දුර
බොහො කලකින්ය යන්නට ලැබුනේ මෙවර
හඳුනත හැකිද බැඳුණයි සිතිවිලි පවුර
තාරුණ්‍යයට ගියෙමි අඩ සිය වසක් පෙර
ඔහු කියු පරදි ඇත දෙහි ගස ඉදිරි පස
ගැටුනා ඇසට ඒ සලකුණු මනා ලෙස
දොර බොත්තමේ නාදෙට ඇරි දොරෙන්
ඇස ගැටුනා මිතුරා එනයුරු මගේ දෙස
පියකරු දියනියයි සතුටින් පිලිගත්තේ
කෙලෙසක කොහොම අප මේ හමුවී ඇත්තේ
සුන්දර තරුණ වියෙ අප හඳුනා ගත්තේ
ඇසුනා රස කතා කල කී දෑ මත්තේ
සරසවි සමය සතුටින් අප දවස් ගෙවූ
මතකය අලුත් කරමින් සිතුවමක් මැවූ
හැර යනු නොහැක මිතුරේ සිත දුකකි දැවූ
යමු අපි තුරුනු සමයට ඒ සතුට දෙවූ
28ජූනි 2026
කවිය බලන්න
