හැම මලක්මත් සුවද දීලා....
හැම මලක්මත් සුවද දීලා
ඉතින් පරවී මිලින වෙනවා
පිපෙන් පරවෙන එක නියත බව
පසක් කර ගත යුතුම වෙනවා...
ඒත් මුකුලිත වෙන දවස ගැන
නියත මොහොතක් ගැන නොදන්වා
සොබා දහමට වෙලා අවනත
හැමදෙනාටම යන්න වෙනවා..
සුවද දැනෙනා මිහිරි ලෝකෙක
ඔබත් ඉපදී ඇතැයි සිතුනා
නිවන තෙක් දුර නොවන ගමනක
සැනසුමක් , සවියක් ලැබේවා!
කවිය බලන්න
