අනේ අපොයි ගඟකුත් කර ගත් හරිය

අනේ අපොයි ගඟකුත් කර ගත් හරිය

සරත් චන්ද්‍ර පෙරේරා

ගඟක් වී උපදිද්දි, ළඟම උන් ඟං දෑල මුහුද වෙත ලංවෙද්දි, දුරස් කරගත් තරම? නිවා ගම් දනව් පවස, ගලා ගොස් අප අතැර දියඹ හා සිප වැළඳ, දෑල ඔච්චමට ගත් පුදුම.. තෙමා වියළි බිම් නිසරු, සරසවා ඵල අතු පතර සැඟව මුහුදු රළ අතර අපව අමතක කළ තරම.. පවස නිවන දිය උගුරක් වෙනු බැරිව රසේ පවා සඟවා කරදිය ගැඹර අපේ ගමේ කිරි ඉතිරෙන්නට හිටිය අනේ අපොයි! ගඟකුත් කරගත් හරිය..
කවිය බලන්න