මව් රැජිනී

මව් රැජිනී

සචිනි පෙරේරා ශ්‍රී ලංකා නීති විද්‍යාලය

සෙනෙහෙ ගඟුලකි පෙමාතුර වන දයාබර ලෙස සැනසුවේ සිහිනෙ කිරි නුඹ වෙළී දැවටුණ සුවාදෙන නෙතුයුග ලොවේ රුහිරෙ ගත පිරි, පෙළී රිදුණද දරා පුතු වෙත නොම තැවේ නිවන ලබනට කවර කල වුව වෙලා මතු බුදු , පින මැවේ.. තරුණ රුව නිති දියවුණද කරමිනා ඇතිදැඩි දයාවෙන් වරුණකර ගත ඔපය ලද හැම පෙන්නුවා දරු මුවාවෙන් අරුණ ගෙනදෙන පියස වූවද අවුලනා ඒ පමාවෙන් අරණ හද තුළ රැජින කවුරුද කිරුළ ඈ හිස නිසාවෙන්..!
කවිය බලන්න