ලොව දිනන බොදු දරුවෝ ..

ලොව දිනන බොදු දරුවෝ ..

සචිනි පෙරේරා

ගුණදම් රැකුමට නිති දරුවන් හැමගේ නැණවත් සවි දෙන ගුරු දෙගුරුන් අපගේ.. උණු හිත් ඇතිකරනට කඳුළැල් නෙතඟේ.! දිනුමත් ළඟ, මතු පරපුර ලක් මවගේ දහම් පාසල් පැමිණි දරුවෝ බවුන් වඩනා අයුරූ.! තරම් යහපත් මටසිලුටු ගති ළමාකලදී දිවුරූ.. දකිම් සතියට වරක් වුව දඟබවක් කිවුවේ කවුරූ.? උවම් වේ, ගිය ගිරා ජෝඩුව හොරුන් වෙත හා සිවුරූ.. විෂයක් ලෙසේ දහමද දුටු සමාජයේ.! දිනයක් එතේ මවුපිය හඬ විලාපයේ.. ගුණයක් නොමැති දරුවන් හැදු අයාලයේ සුවයක් කොයි ලබන්නද හද තුවාලයේ.? ගතට වෙහෙසයි ඉරු දිනට ගියවිටදි දම්පාසල්.! හිතට ආසයි නිදහසේ පද බඳින්නට ගීවැල්.. කෙතට රන්වන් ගොයම සේ අනතිමානිය මේ කල් නෙතට ප්‍රියවන දසුනකිය ගුණගරුක පිරි සී හෙළ්.! පන්සිල් රකින්නට හුරුකළ ළමා කලම පින් මෙන් සිතන ගුණ පිරි තරුණයෝ අරුම.! දන්දෙන්නට ඉඩක් නොදෙනා ලෝභකමම.! පන්සල් වඳින්නට මැළිකර පරපුරටම.. වයසින් පරිණත වැඩිහිටි උතුමන් අතරේ දැනුමෙන් පෝෂිත ඇසුරෙන් ගුණදම් සපිරේ.. පෙනුමෙන් නොම සැළකූ විට දස්කම් ඉතිරේ පියුමන් මෙන් මඩ වගුරක නිති ජය සතිරේ.! හෙට දින දිනන්නට තනනා පරපුරකී රට දිදුලවන්නට දැනුමයි මල්දමකී.. කට මෙන් වැඩ ද යහගුණයෙන් එක්කළැකී වටකර මෙහෙවර ද ලියු කවි සිත්තමකී
කවිය බලන්න