ගමට ගියෙමි

ගමට ගියෙමි

අමිතා පද්මකුමාරි

ගුරුපාරෙ බොරලු මත අතුරලා කාපට් තීරු පුංචි තේ කඩයත් හෝටලයක්ව සරු ඉපැරණි මහ ගෙයත් අලුත් සළු පොරවන් හුරුපුරුදු ගැමි සුවඳ නොදැනෙයි සිතට දැන් වියනක් සේ දැකුම් වැව් තාවුල අයිනේ බකිනි මල් ගහ නම් එදා වාගෙයි අදත් විඩා සිත සැනසෙන්න ගැමි සුවඳ විඳගන්න ගම්පියස වෙත ගියත් ගමත් නගරය වෙලා
කවිය බලන්න