දෙකක් තව දීමෙන්
දෙකක් තව දීමෙන්
දෙකම අත ගෑමෙන්
බස්තියන් කදු මුදුනේ
කදු ගැහුණු
නඩු නැතිවී
රට දියුණු වේයැයි
එක මිටට වේ යැයි
බියගත් කුහකයෝ
තැතිගත් දුබලයෝ
අගපත් සුරන් ගේ
අවගුණ කියා පාමින්
අවලස්සනවැ හැසිරෙත්.
තුන තිබුණ කාලේ
තුනෙන් දෙක
නැති වේලේ
කිව් කතා පාරේ
රෙද්ද පල්ලෙන් බේරේ.
සුරසේ සිතා ගත්තූ
දෙකකින් වරම් ගත්තූ
අගතැන බදා ගත්තූ
තිරිසන්ය,මනු සත්තූ
රට පෙරට යයි නම්
දෙකකින් තුටුව යා නම්
සුරසෙන් ගැති නොවේ නම්
කුමට දෙක? ඔය තුනම දීපන්
............
කවිය බලන්න
