හයිලෙවල් දවසක්
හයිලෙවල් පාරෙ අපි
ගියෙ ගාට ගාටා
බැලු බැලුව හැම අතම
කාර් වෑන් ආටා
රතු ලයිට් දැල්වෙද්දි
නැවතියං ටාටා
පේනවද ඇවිදිනවා
කඩිමුඩියෙ බාටා
රෑනකට එක් වෙලා
පියඹන්න ආසා
තව කුරුල්ලෙක් ඉඳියි
බ්රේක් උඩ නැගලා
කාකි පාටට විසිල්
සද්දෙන්ම ඇදිලා
උන් ඇදෙයි තරගයට
කූඩු දොර බලලා
ගිලි ගිලී ඇදෙයි ඉර
ඩේ ඉවර කරලා
නයිට් ශිෆ්ට් එක හඳට
තරු ලකුණු බලලා
හැන්දෑව මෝරලා
සිකුරු තරු පායලා
කළු වලාකුළු ඇදී
මහරගම යා කළා
කවිය බලන්න
