ආයෙත් දවසක එනවද

ආයෙත් දවසක එනවද

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

නේක පාට මල් තැවරුණු සුවඳ කවක රැඳී මානෙල් මලකට මොනවද තව කියන්න බැරි රෑනේ පියඹා පාවෙන වලා රොදක එතී ආයෙත් දවසක එනවද පුන්සඳ නුඹ නැගී ඈත නිහඬ කස ගස් පෙළ තාලයකට සැදී මෑත නුඹේ නෙතු අද්දර මිහිරියාව විදියි හීන පේන ඇහැළ පොකුරු තනියට සමවැදී නීල නුඹේ සිත් මඬලට අකුරු කරන ලදී නේක නේක පිච්ච පොකුරු අදත් පිපෙන වෙලේ මුදු මානෙල් මල් මතකය සුවඳින් සිත පිරේ හීන් පබලු මුතු කඳුලක් සඟවා නෙත් කොනේ කස ගස් පෙළ බලා හිඳියි තවම නිසංසලේ අන්තර් විශ්වවිද්‍යාල අංශයෙන් පලස සාහිත්‍ය තරගයේ 3 වන ස්ථානය දිනූ කවිය
කවිය බලන්න