රාමුකල ප්‍රේමයක්
ඕෂෝගෙ කවිවල
අගනා සිත්තමක
නොමැත ඔබ වන් කෙනෙක්
මගේ වෙල්වට් මල,
කොයිතරම් දුරද නුහුරු ද
ඒ වදන් දැං මට
කැබිනෙට්ටුවේ කොනක
රාමු කල ප්‍රේමයකි හිස්වුණ,
බ්ලූ බෙරි පාට කමිසෙන්
ලේඩිස් ෆර්ෆියුම් සුවදක්
කිසිම දවසක නොආවානම්
තවම හිතන්නෙම එහෙමය,
ඉගිල්ලී ගොසිනි කාලය
මේ ඍතුව රළුය වියළිය
නොපැකිලිව යා යුතුය
හෙටය අවසන් නඩු වාරය,
කවිය බලන්න
