ප්‍රේමණීයම අහස හැරදා___!!

ප්‍රේමණීයම අහස හැරදා___!!

නුවන්ති අමාය ලක්ෂාණි කෑගල්ල

සිරිත් පරිදිම දකුණු භාරත
රටෙන් ආ වෙමි මෙපුරට
හිතක් නොතිබිණි එදා මා ළඟ
ගින්න අවුලනු උඩරට
ශෛල බැමි පමණකි තිබුණේ
,තුන් යමේ මගෙ තනියට
ගතේ දැවටුණු සුළං රැල්ලක්
හමුවුණේ මට එතොකොට……!!

වාසලේ දොර ඇරෙන ගානේ
කර පොවා කවුළුවෙ දොරෙන්
කීවරක් දවසකට බැලුවද
දැං එයිද සෙනෙහස අරන්
තුරඟ පිට නැඟ පවන විනිවිද
පැමිණියේ නැති දා ඉතිං
වදනකින් පිට කරනු බැරි තැන
ඉකිබිදුවෙ කාටත් හොරෙන්......!!

බොකුටු රැලි රැලි කැරලි හිසකෙස්
ඇඟිලි තුඩු අඟ දැවටුණ
විටෙක හදමත ලියූ කවිකම් තිබුණි
මුවඟින් තෙපලුණ
සරා සද සේ වසන්තය ළඟ අහස්
කුස තුළ සැඟවුණ
නුඹම කවියකි, නුඹට කවියකි මා
වෙන කෙකුගෙ ළඟ ලියවුණ.....!!

එදා අවසන් ගමන් යද්දී රක්ත
මල් දම ගෙලේ පලදා
දුටුවෙ නැතිවද වැටුණු කදුලැලි
මගේ දෑසින් සමිදු දළදා
අතීතය සිදුවෙලා ඉවරයි; අසම්මත
තැන් පොලොවෙ වළදා
කදුලකින් තිත තියා නික්මෙමු
ප්‍රේමණීයම අහස හැරදා……!!

~~~~~~~~~~~~~~~~~~~

කවිය බලන්න