රූප කැමරා කවියාට සුබ උපන් දිනයක්

රූප කැමරා කවියාට සුබ උපන් දිනයක්

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

වදනින් කවි ලියන දහසක් දන අතරේ කැමරාවෙන් ඔබ ලියන කවි සුවිසෙස් මිතුරේ සම්මානයෙන් පුද ලද කවි පොත් අතරේ මා මිනිසෙක් ඔබ ගඟක් නම් ඇත වතුරේ පසළොස්වක සඳ මගේය කියනා ඔබෙ පද සදුන් අරටුවත් දල්වන ඔබේම හැඩ පද ගඟ වක්වී ගලනා තැන හිද බලනා සඳ කවි විතරක් නොවේ ඔබේ රූප ද හැඩ පද යන අතරේ උරුම අතර ඇති කවි පිය පද ජීවිත විනිවිද දකිනා කාච ලියන පද දශක හතක ගමනේදී දැනුමද බෙද බෙද ගමන් යනෙන ඔබට පතමි සුබ පැතුමන් අද
කවිය බලන්න