කවියකු නොව කවි මුහුදකි.......

කවියකු නොව කවි මුහුදකි.......

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

කවියකු නොව කවි මුහුදකි ඔබ මට නම්...! දශකයේ කිවිපති ප්‍රේමලාල් හෑගොඩ ශූරීන් කවියට සේ ම කැමරාවට පෙම් බැන් දා සවියට පොලිස් නිල-තල මැද ඇස රන් දා දිවියට දෙ ගුරු පිය විල්සන් - මව් නන් දා “දෙවි මට දුන්න කුළු‍ඳුල් පුතු ගමි” කැන් දා! දකුණේ පරපුරකි ආ බස්නාහිර ට රැකුණේ දෙමාපිය සෙවනේ ඉගැනුමට ඇසුණේ නිතර නැණ ඇස පොබවන රසට දැනුණේ කවි රටා පදවැල් පොඩි සිතට! එකදස් නමසියේ ජුලි මස සිව් වැනි දා හතළිස් හත වසරෙ මතකයෙ තිබුණෙ මෙ දා මාදින්නාගොඩදි බිහි වුණු මේ බිළි ඳා සමරයි සැත්තැ නම වැනි ඉම ජය පළ ඳා! ඇස කැස නොකවමින් අනිසි ව කල් නො මරා බැස ඇස දකින නෙක තල හැඩ රුව ම කරා දෙස දරුවන්ගෙ ඇස යොමු කළ යුගත් දරා වෙස මම කියමි රස පද රල් - ලල් සපුරා! පිය මඟ මගන්න්නට පියතුම ගිය පාරේ කිය යුතු මැයි “ආරේ ගුණ නම් නෑරේ” සිය සිත්-සතන් ගොනු කෙළෙ මේ සංසාරේ දිය ජය ගන්න ම ය ලැබු උගැනුම ආරේ! “නූතන කවිය මේ” යැයි පද රසට යොදා “උක්තය - ආඛ්‍යාතයට ද” තිතක් යොදා සිත තුළ ජනිත හැඟුමන් ඒ විලස යොදා දුන්නැයි අපට කියවන්නට පොතට යොදා! ඔහුගේ කවි රටා “දුලබ ය” නෙත නුහුරූ කවිකම “නූතනේ මේ යැයි” සිත ඇහැරූ “අරුතක-අරුත් සඟවා නව අරුත්” පිරූ ඒ කෘති කුමට වනණෙම් “එතරම් මහරූ”! ඡායාරූප සංගමයේ ධූර දැරූ සභාපතී බොදු - සිසු සම්මේලනයේ ලේකම් වූ මෙ කිවිපතී බොහෝ දනා ආදරයෙන් කැමරාවට වූ කැමැතී ලෝ වට දිනු දරුවන් හට අත-හිත දුන් ගුරු මෙ පතී! දැයේ දරුවන්ට උගැන්මට ඔබේ කව් හරවත් නිසා ගැයේ දෙවරක් නොවේ නම් ඇත එහි ද වරදක් නැති නිසා වැයේ හද බැ`දි පද පෙළක් හෝ දෙකක් “සතුටක්” ඇති නිසා තියේ පණ පෙව් “පදත් - අකුරුත්” මේ නමින් කවියකු නිසා! “සතුට” කවියකි ප්‍රේමයත් විකිණෙන සැබෑ ලෙස ජීවිතේ මතු කරන්නට හදමි මම මේ කිවි ලියූ රස මීවිතේ ගතු කියන්නට “කවුරුන් ද මා?” සොයමි ඔබෙ රස කවි වතේ සිතුණෙ මෙලෙසිනි දිග හරිමි දුටු ලාල් කිවි`දුන්ගෙ ම පොතේ! කවිය සුසුමෙකි සිනහ‌වෙක පරිශුද්ධ පුනරුප්පත්තියේ කවිය කඳුළකි සිනහවෙන් ඒ කඳුළු වියළන අරුමයේ කවිය වාසය කරයි වැද හෙව ආත්මෙක නව තැන් තියේ කවිය අහරෙට නොගත්තෙ ද මද මැදෙන සිරිඟර ප්‍රේමයේ! “ සඳුන් අරටුව ” අවුළුවා සුවඳක් කළේ මුහු මීවිතේ “ බඳුන් පුරවා ” තබන්නට ඒ සුවඳ විකසිත වූ සිතේ බැතින් පෙම් රස උපදවා නුඹ නොවෙ ද මගෙ දිවි මන මතේ ළඟින් සිටියේ “ හොඳ-නරක සැප-දුක” බර ව සම ජීවිතේ! අසමි මම අද කිවිපති`ඳුගෙන් එදා “ කෝඩුවෙ ” ගිය හැටී දනිමි සීතල “තුහීනයටත්” ඔබ සිත ද පිබිදුණු හැටී නගමි තව පැනයක් තියේ හද “පණ පෙවුණු” නහරෙක ගැටී හඟිමි තවමත් “ නිමිත්තක් “ දෝ නිදන හද තුළ වැටි - වැටී! “රූපකරණය ඡායාව දැන” ලියූ කෘති පහකට වැඩී කරණයත් කැමරා ඇසින් කළ දූ-පුතුන් අද “ හැඩි-දැඩී ” දෙස්-විදෙස් සැරි-සරා ඔබෙ නම පතල කරනුව සිත් වැඩී එවන් දරු කැළ බිහි කරපු ඔබෙ “පා වඳී සිත් නැහැ” කැඩී! කවි පොත් රාශියකි යස හැඩ තල තිබෙන “අහඹු සිතිවිලි - පහයි විස්සා” නම් රැගෙන තවත් පොතකි කවි “ කෝමළනී ” නදෙන “මෙ කව මෙතනින් නවතිමි” රස නොමඳ දෙන! නැවතුම ද? ගඟ වක් වී ගලන තැන... නැත-නැත! තවත් බිහි විය යුතු ය පත-පොත!! ඡායා රූ දසුන් “සොළොසක් රූ” නමින හදවත් උකා ගති ඒ දුටු-දුටුවන්ගෙ පින!!! ‍හැඟුණි මට “කිව යුතු ම මැයි මේ දේ නම්...” කවි රස විඳින මොහොතෙ ම “සළරූ මැවෙන වග” මා මනසේ... සපුරයි පද සමඟ මුසු වී ජයට පෑහී... ඔබ එක් කෙළෙ ද? රූ ඇඹුමත් කවියට... ලාල් සොයුර! මා පතමි දැන් මෙසේ ඔබට... දින - දින ඔබෙ සිතුම්-පැතුමන් ඉටු වේවා තව - තව කවියෙ රසබර තැන් හමු වේවා පත - පොත තවත් ලියැවී මල්පල දේවා ඔබතුම දිගාසිරි ලැබ නිති වැජඹේවා!! ආයු වඩ්ඩකෝ!!! 01.07.2026
කවිය බලන්න