ඇසළ පෝයදා සුන්දර ඇසළ පෝයදා....
සන්තුසිත දෙව්පුතුන් හැරදමා සුරසැප
මුදාගන්න තුන්ලෝ දනා බවදුකින්
සුදොවුන් රජුට පුත්ව මායා කුසට සපැමිණි
පුරපුන් පෝය අදයි ඇසළ මහේ සුන්දර
යස යසෝදරා සමගින් පුත් රාහුල හැරදා
බුදුබව ලබාගන්න බවදුක් සියල්ල පරදා
ඡන්න ඇමති සමගින් අසු කන්ථක ගෙන රෑ
ගිහිගෙය හැර ගිය පුර පෝයයි අද ඇසළ
සම්මා සම්බුදුවීලා ගෞතම අපේ ලොව්තුරු
වඩිමින් ඉසිපතනේ සිටි තවුසන් සොයමින්
සුතුරින් දම්සක් පැවතුම් සනසා සගයන්
දම්දෙසුමට මුල පිරු මහපෝයයි අද ඇසළ
උදාවෙන නියාවෙන් වැසි වැඩි සමය ඉදිරියේ
වස් විසුමත් බුදුහිමිගේ මුල් වරට සිදුවුනේ
අදටත් අප සඟරුවනේ පෙරවස් ගැනුමද
සිදුවෙන්නේ මහ පෝයට ඇසළ සුන්දර
වඩිමින් බුදුසමිදු එදා සුරලොවට තව්තිසා
මව් මාතා දෙවියන්හට අභිදහම් දෙසුමද
බුදුහිමි පිරිනිවුන පසුව සසුන රකින්න
සංඝායනේ මුල්ම පැවැත්වුවෙත් ඇසළ පෝයක
