පුවත : සාම පාගමන නිමකර හිමිවරුන් දිවයිනෙන් පිටත්ව යති.

පුවත : සාම පාගමන නිමකර හිමිවරුන් දිවයිනෙන් පිටත්ව යති.

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

පියෙන් පිය තබමින්
ගිණියම්ව රත් වූ තාර මත
අව් වැසි සුළං යට
ඇරඹුමෙම පැහැදිලිව දේශනා කර සිය අරමුණ
පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු
භික්ෂුන් වහන්සේලා,
නිම කළා සිය වීර්ය පාරමිතාව
සම්බුදුන් තෙවරක් වැඩි
මේ උතුම් පොලව මත
මෙත් හදින්
සාමයේ නාමයෙන්...

එක්කලා ආලෝකයක්
ආලෝකා ද
සැම සත ට මෙත් පිරිය යුතුය යන්න
අරුත්ගන්වමින් සාමයේ පණිවිඩය

ඉතිරිකර ගියා
මතකයක් නොව
පිළිවෙතක්
සෑම නිමේෂයකදීම
නුවණැසින් දැක
ක්‍රියාවෙන් පුරන්නට
කේවලව පුද්ගල සිත් පුරා
මෙත් හැඟුම් උපදවමින්
සාමය...

සැම සිතම මෙත් මගෙහි
සාමයෙන් සරද්දී
ඒ සිත් ද දරන්නාවූ කුටුම්භයන්ද
ගම් නියංගම් ද දේශදේශාන්තර ද
සාමයේ සිසිලසින් නිවී පහන්වනු නියතය
එයයි ගරු හිමි ප්‍රමුඛ මහා සඟරුවන
පාද චාරිකාවේ පෑ
උතුම් සම්බුදු දහම...

පිළිවෙතින් පෙළසදමු
හදින් කය වචනයෙන්
තමාගෙන් අරඹමින්
පෙළින්පෙළ විහිදුවා
නිහඩබව සාමය...

අරුත මත පිහිටමින්
පුරමු පිහිටමු රකිමු අපි හද බැතින්
" මම නිදුක් වෙත්වා !
නීරෝගී වෙත්වා !
සුවපත් වෙත්වා !
වෛර නැත්තෙක් වෙත්වා !
සුවසේ වෙසෙත් වා !
මා මෙන්ම
අන් සියලු සත්වයෝද
නිදුක් වෙත්වා !
නීරෝගී වෙත්වා !
සුවපත් වෙත්වා !
වෛර නැත්තෝ වෙත්වා !
සුවසේ වෙසෙත් වා !

ඉතිං ගරු හිමියනි,
අවසරයි ඔබ ඇතුලු
පිළිවෙතින් පෙළසැදුනු
ගරුතර මහා සඟරුවනෙහි
පැලී ඉඳිමී රිදුම් දෙන
පා නැමඳ පතන්නට
" බොහෝ ජන හිතසුව සදා
දියෙහි සාමය පිණිස
බෝ දුරක් වඩින්නට
සුඛී දීඝායුකෝ භව ද
සසර අවසන ඔබ වහන්සේළා
පැතූ ඒ සඳාකාලික සාමය
උතුම් නිර්වාණය "

කවිය බලන්න