දළදා සමිඳු රැකදේවා මගේ පියා....

දළදා සමිඳු රැකදේවා මගේ පියා....

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

.................................... මිහිරැති ගී ගයා නලවා සෙනේ හසින්.... උර මඬලේ තබා නැටුවා බොහෝ තොසින්.. ගෙන දී රැකවරණ මහ කඳු සේම උසින්. . ලැබ දුන්නේ පියා පමනයි ලොවේ රිසින්.... පිය සෙනෙහස තරම් දුවකට වටින යමක්............ ඇතිනම් ඒ මවගෙ නිම්නැති ප්‍රේම ගඟක්........... හද සනසවා ගලනා කල රුහිරු බිඳක්................ ඔබ දෙපලගෙනි ලැබුනේ මට සොඳුරු ලොවක්. මාගේ සිරුර තුල ඇති රුහිරට වැඩියෙන්.. වෑහුන දහ බිංදු නිම්නැත ඔබ දිවියෙන්.. රෑ මෙන් දිවා වෙහෙසී දැඩිකර තැනුයෙන්.. ආදර පියානෙනි ඔබ වඳිනෙමි බැතියෙන්... හද සන්තානයේ කැටිවුන සෙනේ දරා.. උනුවුන රුහිරු කකියයි සියො ලඟම සරා.. බුර බුර නැගෙන සෝදුක හදවතෙහි අරා.. ජය බෝ හිමිට පියතුම මගෙ බාර කරා..... වැඳ වැඳ උදේ මෙන් හවසද සමිඳු දයා... හඬ හඬ කියමි දුක සදහම් කවිම ගයා... සිරසේ පටන් දෙපතුල තෙක් සුවය තියා.. දලදා සමිදු රැක දේවා මගේ පියා..
කවිය බලන්න