පහන් තරුව වී රැදෙන්න
අදුරු සළුව මුදා දමා සඳක් වෙලා ඔබ නැගෙන්න
රෑහි හඬන රෑ මැදියම වස් දඩුවක මිහිර වෙන්න
නිදි යහනේ උණුසුම දෙන සුවැති සළුව සේ එතෙන්න
මා දකිනා සුබ සිහිනේ සොදුරු දසුන වී රැදෙන්න
උදෑසනක පිපි කුසුමේ හමන සුවද වී දැනෙන්න
සිත තනිවුණ හෝරාවේ විහග ගීය වී ගැයෙන්න
ගලා බසින දොළ පාරේ සිසිලස වී ගත නිවන්න
විඩාබරව යන කතරේ පවසට පැන් පොදක් වෙන්න
සැදෑ කලේ ක්ෂිතිජ ඉමේ සිතුවම සේ මට පෙනෙන්න
වළාකුලක සැහැල්ලුවෙන් රැදෙනා හැටි කියා දෙන්න
වෙරළ සිඹින මුදු රළ සේ මගේ හදට තුරුලු වෙන්න
අදුරු රැයේ මග පෙන්වන පහන් තරුව වී රැදෙන්න
කවිය බලන්න
