කොවුල් හඬටත් කිවු ආර්
කොහාටත් දගලන්න
නැහැනෙ දැන් ඩීසල්
සද්දයක් නෑ ඉතින්
තෙල් බෙදන පෝලිමේ
මිනිහෙකුගෙ උරහිසේ
නිදා වැටෙමින් ඉන්න
කොවුලෙක් දැකපු මිනිහෙක්
ලිව්වාලු කවියක්
මෙන්න මේ විදිහට
දැන් කොවුල් හඬටත්
ඩීසල් හිඟය දැනිලා
සොයමින් රෑ දවල්
පෝලිමේ ඩීසල්
නිදිකිරා වැටෙමින්
ගෙවයි කාලය දැන්
කොවුල් බිජු පුපුරන්න
සිංහල දෙමල අවුරුද්දෙ
ඉඩ කඩක් නැති නිසා
කෙවිලියන් කූඩු වල
කොවුලො ටික පෝලිමේ
ඒ හින්දා දැන් ඉතින්
කොවුල් හඬ ඇසෙන්නෙත්
කිවු ආර් ක්‍රමයකට
කවිය බලන්න
