සුභ උපන් දිනක්
හතලිස් වසරකට පෙර
රමණී බර්තෝලමියුස් නම්
රූමත් නිළියගේ රමණීය ඡායාරූපය
ගත් ඉලන්දාරියා කව්දැයි සෙව්වෙමි
ඔහු සහපිරිවරින් හෙබි
සිය ගණනක් රැකියා කරන
ආයතනයකට අධිපති
දක්ෂ විව්‍යාසයකයෙක්
දක්ෂ ඡායාරුප ශිල්පියෙක්
දේශ ප්‍රේමියෙකු
කවියෙකු මෙන්ම
ලේඛකයෙකු වූ
ලාල් හෑගොඩ නම්
මානවකයා බව දැක ගතිමි
හතලිස් වසරකට පසු
මා දුටුවේ
සොයුරු අනුර හෑගොඩ
විසින් රෝද පුටුවේ හිඳුවා
උත්සවයකට කැදවාගෙන ආ
ලාල් හෑගොඩය
ඔහු ගතින් දුබල වුවද
සිතින් තවමත් මානවකයෙක්මය
චිරං ජයතු ලාල් හෑගොඩ මැතිදුනි.
කවිය බලන්න
