අවුරුද්ද වඩින්.....

අවුරුද්ද වඩින්.....

ඉෂංකා මිහිරි කුමාරතුංග

කොන්ඩෙ බැදගෙන කැවුම් තෙලේ නටන තාලේ... අන්න කෝදුරුවෙක් නැගගෙන ගෙයි යට ලීයේ... ගත්ත වයිවාරන අරුමෝසම් ගත දැවටුන ලීලේ... මෙන්න ඇවිත් සිංහල අවුරුදු සුබ නැකතට ආයේ.... තුංග ගිරි මුදුනට නැගි හිරු සමනොල වැද කීවේ... වැන්ද පින් බලෙන් ලෙඩ දුක් දුරුවෙන්නට බාරේ... සින්ද අට මහ දෝෂ මැද්දට නොකියු හැම දෝසේ.. කිව්ව එකසිය විස්සට ආයුෂ දෙසිය විස්සක් ඕනේ...... හිඟ නොවුන අටු කොටු මැද සවුසිරිය ඉතිරී... අඹ ජම්බු ගස් යට සිනා අහුරු තැන තැන විසිරී... මග බලනා හේලංකඩ නැවතුන ඇස්වල හිනාවන් ඉහිරී.. ගීත ගයනා කෝකිලයන්නේ අවුරුදු අත වනනු මැනවී..... සියක් ආයු මැද තවත් ආයු ගෙන සතුට ලං වේවා .. තවත් සතුට ගෙන දුරස් වූ සිත් පෙමින් ලං වේවා... ගියත් බොහෝ කලක් මිදුන නෙත් දහම ලඟ බැදේවා... තොරන බැද අත වනන්නම් කුමරුනේ සුබ නැකැත් අවුරුද්දට තැනේවා...
කවිය බලන්න