අවිහිංසක කදුළු බිංදු

අවිහිංසක කදුළු බිංදු

දීපා ද සිල්වා ලන්ඩනය

පුංචි මුතු කැට මාලයෙන් ගැලවී
හෙමින් එක දෙක පොලව මත පාවී
බුබුළු නගමින් රහස් කොදුරවී
ලපලු දළු මත සෙමෙන් සැතපේවී

රූටලා විත් කවුළුවේ පත් අතර රග දෙන්නේ
කොපුල් තලයට හීතලට විත් හොරෙන් ගුලිවෙන්නේ
කැරලි ගසමින් මුදුන පිසලා බිමට බර වෙන්නේ
අකීකරු නල පහර වැදිලා මග වෙනස් වන්නේ

අදුරු අව පැහැ නුබේ සළුවෙන් කාන්තිය මකලා
ඉබේ වෑහෙන කදුළු කැට ටික ආදරෙන් සිබලා
තියා යන්නට ලෝබ මුත් හරි පරිස්සමට ඔතලා
මුදා හැරියයි මිහි ලයේ උණුසුමට කැප කරලා

Photo Credit Mihaela Kozarec

කවිය බලන්න