චිරන් ජයතු …!!!

චිරන් ජයතු …!!!

දීපා ද සිල්වා ලන්ඩනය

ආලෝකය මවන රූපමය විස්මය කතන්දරයක චරිතයක් විය ඔබතින් නිරන්තරයෙන්ම . මල් පෙත්තක සුමුදුබව ලදකගේ ලාලිත්වය වැහි බින්දුවක චමත්කාරය කාචයෙන් හමු වුවද අවසන එය කවියක් විය වචන කෝටියකින් කියා ගන්නට බැරි තරමටම. සේයා , ජීවිතවලට වාරුවක් දුන් ආදරණීය තක්සලාව , මවන්න ඇති තව්තිසාවන් සුහසක් තාරුණ්‍යයේ දෙපා පාමුල . මා මිනිසෙක් ඔබ ගගක් වූ නිසාවෙන් පසළොස්වක සද මගේ වුයේ කෙසේදැයි සොයන්නට, කවි පිටු පෙරලෙන්න ඇති අහබු සිතුවිලි අතරින්ම . ලෝකයම එකම යායක් කර වූ, සිතුවම් තුලින් හදවත් ආදරණීය ලෙස කියවා ගත් ලාල් හෑගොඩ කිවිදාණනි , ඔබට සුබ උපන් දිනයක් චිරන් ජයතු …!!! Photo Credit; Lanka Jayasinghe
කවිය බලන්න