මම මටම

මම මටම

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

අඳුරු මූසල රැයක ඇවිද යන කල තනිව
මිතුරු වූ නිහඬ බව රැඳුණි ළඟ නිරතුරුව
රුදුරු බැව් දැන දැනත් යන්න බිය සැක නැතුව
ඉතුරු වුණු යමක් විය නොපෙනි මා හද සතුව

මග ඇරුණි බිම වැටුණි වැරදි විය ඉඳ හිටක
ගොඩ නැගුණ ලොව බිඳුණි ගසනු පෙර පිය ඇසක
ඇහිඳ ඒ හැම කැබලි තබා යළි එක පෙළක
හදන හැටි හදවතම තිබුණි මතුළම කොණක

ළඟම අය විදින කල විෂ පෙවූ ඊතලය
එකම එක වදනකින් ඉරෙන මුත් ජීවිතය
කිසිම ලෙස නිවනු බැරි පැමිණියද මාරුතය
මටම යළි පණ පිඹින පහන නිති මා සතුය

කවිය බලන්න