සල්ලාල වලාකුළ

සල්ලාල වලාකුළ

ආරියරත්න ජයසිංහ මහරගම

සඳ මඬල අහස හැර ගිය රැයෙක පාළු ගිරි මුඳුන පෙම් සා පිපාසිත සුළං රැල්ලක් අත යවයි පෙම පළ කර අයාලේ යන දළ වැහිවලාවට වලාකුළ පැමිණ සුළං රැල්ලත් සමඟ සීතල දෙතොලින් සිප සනහමින් ගිරිහිස රැය පුරා නිදිවරා ඇද වැලැඳ යහන් වැද පතිත කර මහා වැසි සිය දහස් අසණි සෙණ හිරු නැඟෙත හෙමිහෙමින් පෙර’ඹර ගිරට මුවා වී රැය පැලැඳි අඳුරු මිහිදුම් පටට පලා යයි මලින් නික්මෙන බඹරිඳු ලෙසට නන්නාඳුනන තවත් ගිරි මුදුනක් වෙතට.
කවිය බලන්න