ප්‍රේමයක් වේ නම්....

ප්‍රේමයක් වේ නම්....

ඉෂංකා මිහිරි කුමාරතුංග

සරා කල්පයෙ , අත් නොහැර බැදි , පෙමක් ලැබ ගෙන , බවුන් වඩන්න දරා නෙත් යුගෙ , රුව දකින තුරු , අතර මැද දුර , සැනින් මකන්න පවා සිත් මල , එක් මලක හිද , සසර හැම විට , නුඹම පතන්න කියා යන වද , අපි අපිම වග , ගමනෙ තනි නැත , ලඟම සිටින්න අපිට අපි හිමි , සසර ගමනේ , අතර මගකදි , හිද හමුවෙන්න යලිම යලි රැදි , සිනහ මුහුනේ ,නැගුන සෙවනැලි , නිති දැකගන්න නයන යුග මැද , මැවෙන දසුනේ ,රැදුන සිතුවිලි , තව සරසන්න නුඹම දැක ගෙන , මෙලෙස බැදුනේ , දිනක ලැබ ඇති , පින ලැබගන්න යනෙන මග තොට , විරහව පිරුන , කඳූලු බිදු ඇත , දෙකොපුල තෙමා ඇදෙන මද හස , අනන්ත දුරක , නැගෙන බව දැක , නොමැතිව සමා එකම පැතුමක , සසරෙ බැදුනම , අපම අප ලෙස , නොමැතිව නිමා නියත දහමය , ඇතිය හමුවෙනු , නොයා දුරකට , අහිමිව පෙමා... පුණුඅතිපුණු විරිත ඇසුරෙන් ලියූ කවි පෙලකි...මාත්‍රා 7 න් 7 ට යති තැබිය යුතුය.. යටියන්තොට Photo Credit: Gift Habeshaw
කවිය බලන්න