නිබ්බදාව
ඇලී ගැටෙනා ලොවක
නිවී යන්නට හැකි
නෙතු සඟලක්
අහම්බෙන් විත්
මවයි සළරුවක්
පෙර සුවඳ දෙවමින්
නොතිර ලොව සැම දුකම ය
විරාගි සිත කෙඳිරුවා සවනට
වීතරාගි වන්නට මට
කමටහනක් වනු මැන සසරම
අනාත්ම වූ සසරේ
කුමට බැඳෙනුද පෙර සේ
මා මටත් අහිමි කළ
වෙනස්වන සිත් එක්ක
කෝ ගමන්නන්තයක්
ගලා යන දිය එකම තැන
දෙවරක් නොරඳන සේම
නැවත ඒමක් නැති
ප්‍රිය විප්පයෝගය දුකක් වුව
හඟිමි නිරාමිස සුවයක්
යථා රූ අස සළරූ නිවී යයි පෙර
නොගැටටෙමි නොඇලෙමි
සසරම දුකක්මැයි හැඳින ගමි
උපේක්ෂාවෙන් අත් විඳිමි
සැනහී නිවෙමි
2026.01.11
Photo Credit Taiyou
කවිය බලන්න
