සොයනු ළබැඳිනි මගේ මියුළැසි

සොයනු ළබැඳිනි මගේ මියුළැසි

සරත් කුමාර වික්‍රමගේ පානදුර

නිලුපුලක් හිනැහුණා මා හට
ඇගෙ නුවන් කොහේදෝ අසලා
අඩ සඳක් මඳහසින් මා වෙත
ඒ සිනිඳු නළල සිහි කරවා.

මේඝයක් මා දැකද හෙමිහිට
ඈ නීල කෙහෙ වැටිය විමසා
තඹරනක් බලාහුණි මා දෙස
ඇගේ වත දකින දින අසලා.

දුකෙන් හෙලු බැල්මක නා දල්ල
සෙවුම් ඇගෙ දෙතොල ගැන තිබුණා
සිඳුවරක් ඉඟි කරයි මා දැක
ඇගෙ දසන් මට දසුන් මවලා.

විල් තිසරු ඔච්චමින් මොකදැයි
ඇගෙ පීන පයෝධර විමසා
මට ලාවි අනඟ සැව් ඉඟි බිඟි
දෙබැම ගැන ඇගෙ මගෙන් අසලා.

කොවුල් නද අසන සැටි දසතින්
ඇගෙ මියුරු වචන කෝ කියලා
තුරු ලතා විමසමින් මා දෙස
ඇගෙ ලෙළෙන දෑත කෝ පවසා.

ඇගෙ රුවම විමසමින් සැමදෙන
උන්ගෙන්ම යළිදු මම ඇසුවා
සුපෙම්බරි මගෙ ලඟින් කොතැනට
කැඳවගෙන ගියේදැයි කියලා.

Photo Credit: Nilanka Kariyawasam

කවිය බලන්න