නොදැනෙන්න පෙමි කරමි

නොදැනෙන්න පෙමි කරමි

අනුරාධා ගුණසේකර හොරණ

මින් පසුව අහස දෙස නොබලම් ඉරි තැලී ගිය හද කඳුළින් තෙත් කරමි තරුවකට පෙමි බැන්ද හීන සිතුවම් ඇන්ද පපුතුරෙ උණුහුමට හැමදාම ලොබ බැන්ද අයිතියක් කරගෙන සිතින් නින්දේම සුව වින්ද නුඹේ සිත තව තැනක නතර වුන බව දනිමි තැනු පෙම් මළිඟා දෙපා මුල ඇද හැලුනි. තනි කමට දුර අහසේ කලුවරට මුවාවී තරුවකට පෙමින් මා නෙතු දුරට යොමාවී සඳ එළිය මඟ හැරපු හැටි අදත් මැවේවි ඒත් අද අතරමඟ මතක හා මුලාවී විඳවමින් දැවෙන සිත අහස දෙස බලාවි මතක වලලම් ඉඳහිටක විඳවමින් විඳිමි සසරක්ම පැතුවත් මේ බවත් අහිමි බව දනිමි දැහැන් ගත ප්‍රේමයක් හීනයක් වී දැවෙමි කොතැන හිටියත් නුඹට නොදැනෙන්න පෙමි කරමි
කවිය බලන්න