ඉවසීමේ බලය

ඉවසීමේ බලය

සුනිල් මෙන්ඩිස් මීගමුව

ප්‍රශ්න ආවත් කොපමණ

යන මේ ගමනේදි

නොසැලී ඉදිමි මම

නිසොල්මනින් - අදිටනින් .

ආවත් ගැරහුම් එකිනෙක

නිහඬව ඉවසමි ඒ හැම.

මා.......

දුබලයි සිතනා අයට

ඉඩ දෙමි කාලය

සිතනට

ඒ ගැන තව තවත් .

නොදැනිම ගෙවුණි දින

නිහඬ විය ඒ අයම

පෙන්වා ඉවසීමේ බලය

ජය ගතිමි මුලු ලොවම

වෙනකෙකු නොව

මාම..

සුනිල් මෙන්ඩිස් - මීගමුව

කවිය බලන්න