කෙටි වූ දුර ගමන

කෙටි වූ දුර ගමන

සුනිල් මෙන්ඩිස් මීගමුව

මතකද හමුවී

දෙඩූ මුල් දවස

එදා .

යනෙන මහමඟ .

අවුලමින් මතකය

පිබිදෙයි හදවත

නංවා කඳුළු

නොඑන බව කියමින්

අතීතය.

බැඳුණු ආදරය

කලා වෙනසක්

නොහික්මුනකම

ඔබගේම.

යමුයි කියු

දුර ගමන

කෙටි වුනාද

නිසා ඔබගේ

බැඳුණ පැරණි මිතුකම්.

වියවුල් වූ මනස

නැහැ වුණේ සුව

සදා ගින්නේ දැවී

කරයි ජීවිතය වෙනස්

නොපෙනෙන දිසාවට

Photo Credit: Jason Leung

කවිය බලන්න