බලාපොරොත්තු
ගිනියම් ගිම්හානය
ගත දවනවිට
ගහකොළ හනි හනික
සොඳුරු ශරත් වර්ණ සිත්තම
අඳින තුරු බලා සිටියෙමි.
ශරත් සමය අවසන
රක්ත වර්ණ අවසන් තුරුපත
බිම වැටෙනතුරු බලා සිටියෙමි.
දැන් ඇත්තේ සීතලේ වෙව්ලන
කූරු ඉපල් පමණි.
සීතල සුදු හිම පියලි
තුරු ඉපල් මත දුටිමි.
දැන් ඉඳහිට හිරු රැස්
බිම වැටී දිලිසේ
පළමු මල් පොකුර
පළමු ළා දල්ල
තුරුමත මතුවන තුරු
දෑස් දල්වා බලා ඉමි!
බලාපොරොත්තු
ජීවිතය ජීවත් කරයි.
2026 පෙබරවාරි 3දින
ඇමරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ දීය.
Photo Credit; TOMOKO UJI
කවිය බලන්න
