ගඟවෙමි මම ගලායන ඈත මුහුදට

ගඟවෙමි මම ගලායන ඈත මුහුදට

මාලිනී හෑගොඩ USA

මීදුම් සේල ඇඳි කඳු මුදුනක ඉඳලා තුරු ලිය සෙවන අතරින් රහසේ එබිලා පොඩි පොඩි දියපාරවල් එක එක බැඳිලා පහළට ගලා විත් එක පොදියක එතිලා එදවස දිය වැළකි දරු ගඟ හුරුබුහුටී කෙළි ලොල් සිතින් දිව රෑ දිව්ව වැටි වැටී පැහැදිලි දියේ නොතිබුණිය වස විස ගැටී ගල් පතුරුවත් නොදතිය මම ගලන හැටී ළමා කල ඇවිත් තව පහළ එනකොට තව තවයාලු අතු ඇළදොළ එබෙන කොට සෙල්ලම් කාලෙ ටික ටික ඉවර වෙනකොට තරුණයි මම ඉතින් වගකීම් වැඩිකොට එකතුවෙන වතුර ඉදිරියට අරගෙන දෑල නොබිඳ යන්නට දෙපස රැකගෙන ගත් ඒ වෙහෙස ගල්පර පවා දැන ගෙන සුමුදු වුණා මට යන්න පාර ඉඩදෙන අහස අඬන විට කියා ඇගෙ දුක් කඳ කඳුළු වී පිරෙන දරනු බැරි දිය කඳ ඉවුරු තලා කෙත් වතු පවා ඇද බැඳ පිටට යන්න වුණි ඔබට දී දුක් කඳ වසරින් වසර ඔය ඇඬුම නතර නොම වෙන කාටත් වෙන දේම නේ මටත් සිදුවෙන නොගලා ඉන්න බැරි තැනයි ගියේ පිට පැන එනමුත් රොන්මඩින් ඔබ ඉඩම් සරු වෙන එකතු කරන් සුන්බුන් රැඳුණු දිය පිට මගෙ මැදි වයස තරමක් දුකින් සිටියට තව ටික කලක් ගතවී දිවිය නිම කොට මෝය කටින් මම වැටෙමි මහ මුහුදට මුහුදෙ වතුර ටික ටික ඇදී අහසට එති එති බරට එකතුව වලා පෙළකට වැස්ස වෙසින් වැටුණම කන්ද මුදුනට නැවත ඉපිද මම ගලා යමි පහළට 2026 ඔක්තෝබර් 22දින කැලිෆෝනියාහී දීය.
කවිය බලන්න