අපි පස් දෙනා

අපි පස් දෙනා

මාලිනී හෑගොඩ USA

හතළිස් ගණන් අවුරුදු ඈතට දුවන අබිසෙස් නැතත් ආ මේ ජීවිත ගමන සරතැස් නිවා කතරට දිය බිඳු ඉසින අපි පස් දෙනා විය හැම දුක සැප හැඳිණ ගෙදරක් වීය ඒ හුඟ කලකට පෙරය අහුරක් වගේ මුතු කැට දිලිසෙන සුලුය මිහිරක් දැනේ සිතුවිලි වුව පැහැබරය සුළඟක් වුණත් ඒ දිනවල හරි බරය දෙන්නා තුන්දෙනා වී වසරක් ගෙවිලා තුන්දෙන හතර වෙන්නට තව කල් ඇදිලා සිවු දෙන පහක් වෙනවිට කරදර ගෙවිලා අවුරැස් බිඳක් තිබුණා යන මඟ වැටිලා අප ආ ගමන දිය වැල් මැද ඇදුණු ගඟ පීනූ කෙනෙකු මිස කවුරුත් නොදති රඟ අඩියෙන් අඩි ඉගෙනුම් හිණිපෙතට නැඟ නතර නොවී දුරටම ගොස් අතර මඟ මුහුදු හතක් ඈතින් ඇති දුරු රටෙක ජීවත් වෙන්න ඉරණම ඇඳ දුන් විටෙක ඒ වුව ඒ රටේ ඈතින් තුන් කොනෙක විසල් අහස් තලයක් යට මහ බිමෙක උදහස් වනු කුමට කාලය දිග හැරිණ සියවස් ගෙවී යන්නට ළඟ බව දැනිණ සෙනහස් ගඟුල නොසිඳී තව දිග ඇදිණ අපි පස් දෙනා පසු ගියදා මුණ ගැසිණ 2026 ජූලි මස 18 වන දින කැලිෆෝනියාවේ දීය.
කවිය බලන්න