ඊයේ අද සහ හෙට.
හැරයාම.
කදු මැදින් හිරු බසින හැන්දැව සුන්දරයි
හිරු මැකී යන දිහා බලා ගෙන හිත දොඩයි
කඳු වැටියේ තැනින් තැන හැන්දැව අඳුරු වෙයි
හිරු බසින පොළවමත සෙවනැළිද මැකීයයි.
සමුගන්න ඉඩ නොදී තවත් මඟ බලාගෙන
අඳුර දිග සිතුවිලිද හැංගුනා නොදැනිම
නිමක් නැති සිතිජයද මැකීයන හැන්දැව
අකාසේ වැසීයන අඳුරවිත් අප ළගම.
අප අවට ඇති දේම අපව හැර යන ලොවක
සිතුවිලි ද මතුවෙලා යළිත් එය නැතිවීම
සිත සතුටු වනදේම දුක් කදුළු මතුවීම
නොකියාම නොදැනිම හැරයනවා හැම දේම.
Photo Credit; Navi
කවිය බලන්න
