මම ඔබට පෙම් කළෙමි.

මම ඔබට පෙම් කළෙමි.

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

මේ මොහොතේද
ඉඳුරා පැවසිය හැකිය
මා ඔබට පෙම් කළ බව.
නිවී ගිය ගිනි පුළිඟුවල
තවමත් රැඳී ඇත ප්‍රේම තාපය
නමුදු තවදුරටත්
වද විය යුතු නැත ඔබ
ඒ ගැන,
යළිත් පත්කරන්නට ඔබව
සංතාපයට,බිඳ දමන්නට
සියල් අපේක්ෂාවන් ද
අවැසි නැත මට,
තවදුරටත් මුනිවත
රැකිය යුතු නැත ඔබ
නමුදු මා මහත් ආදරණීය ලෙස ද
මාත්සරික, බයාදු හැඟුමින්
මැඩෙන්නන් සේ අපමණ සංතාප උසුලා
පෙම් කළ බැව් දත යුතුව ඇත.

ඉතා මෘදු ලෙස, ඉතා අව්‍යාජව
පෙම් කළෙමි මම
අයැද සිටිමි නිරතුරුවම
දෙවියන්ගෙන්
ඒ සා ප්‍රේමයක් නුඹට
ප්‍රදානය කරන සේ

I Loved you
By
Alexander Pushkin

පරිවර්තනය
සුනේත්‍රා අලුත්දුන්නේ .

Photo Credit; Kalyan Mukherjee

කවිය බලන්න