සඳ සහ සඳ එළිය..

සඳ සහ සඳ එළිය..

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

පැවසුවේය ඔහු සඳ එළියට කැමති බැව් එවිට පැවසුවෙමි මම සඳ මට ප්‍රිය බැව් එසඳ ඇරඹුණි ඒ සංග්‍රාමය සඳ එළිය මිරිඟුවක් බැව් පැවසුවෙමි මම ඔහුට සඳ ද අස්පර්ශනීය බැව් එසඳ ඔහු පැවසුවේය මට සඳ එළිය සදයි සුව අඳුර පලවා මිහිමත සඳ එළිය ගෙන දෙයි සිහිල අපමණ සඳ එළිය අඳියි අඳුර මුසු කොට රටා දළ පොළෝ පිට සඳ එළිය පුබුදයි සුසුදු මල් රැයට ද සඳ එළිය තවරයි නිද්‍රාව නෙතු අග "ඔබ සඳ එළිය" ඔහු මිමිණූ සඳ "ඔබ සඳ " මිමිණුවෙමි මම ද සංග්‍රාමයේ කෙළවර.
කවිය බලන්න