මිණිබිරී මගේ, මියුලැසි

මිණිබිරී මගේ, මියුලැසි

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

අඹ පත් මතට රන් හිරු කෙඳි වැටෙන විට ඈ වත දිසෙයි පින්නෙ පිපි මලක් ලෙද ටිං ටිං කියා ලෙහුනුන් ගී ගයන සඳ ඒ ඉඳුනිල් නෙත් පියවයි සිනා වැස ගෙයි අස ලැහැබෙ සිට මුදු තටු සලා ගෙන සමනල් පේළි නික්මෙන සඳ උදෑසන අල්ලා දෙන්න කියමින් මා අතින් ඇද ඈ වද කරයි අත්තම්මට වරින් වර මල්ගොමු මත පෙති විහිදන කැකුළු දැක දිව යයි නෙළන්නට ඈ දිගු කරන් අත "ඒ මල් මැණික මී මැසි සමනලුන් හට" කියනා විටදි ඈ රිදවා ගනියි සිත අහසේ පියඹනා විහඟුන් අත හරින නෙක පෑ කුරුළු තටු අහුලා විත් රැගෙන අල්ලේ මැද තබා පුරවා සුළඟින් මුවම ඈ පිඹ බලයි යාවිද යළි පියඹ ගෙන විහඟ පවස නිවනට උයනේ තබන පැන් බඳුනකි ඈ දුවගෙන යන නිතර අඬගා කුරුල්ලන් හට අතු අග නටන නාමුද අසයි ඔබමින් මොළකැටි සුරත පොල් කට්ටකට පුරවා ගෙන සබන් දිය පැපොල් බටෙන් කළතා මා පිඹින කල පාට බුබුළු පසු පස වැටි වැටි දුවන අල්ලන්නට හදයි අත් පොඩි තලා පැන පින්නේ පිපෙන්නට තතනන මල් කැකුළී රෝස කැළෙන් අරගෙන ආ සිනා මලී මගෙ නෙත් විලේ පිපි සියුමැලි නිල් උපුලී අන් සතුටක් නැත මට මියුලැසිය වැනී Photo Credit; Paolo Bendandi
කවිය බලන්න