හාමුදුරුවන්ගෙ පැතුම
නාද කෙරුවත් ඝණ්ඨාරේ
කව්රුවත් එන්නෙ නෑ
දායකයො සමගින්ම
මුලු ගමක් වැළලිලා
බණ පදේ හත් දොහේ
අහන්නට කෙනෙක් නෑ
කුමට අපි බේරුනේ
මෙවන් දුක් ගිනි දැකගන්න
සහන කණ්ඩායමක් පැමිණ
ගෙනත් දුන් බත් මුලෙන්
පිඩක් වෙන් කරන්නෙම්
දානෙ යයි සිතා සත් දින
මුලු ගමට දැන් ඇත්තේ
පන්සලම විතරමයි
දායකයෝ සියල්ලම
මට කලින් නිවන් ගොස්
මම තවම මනු ලොවේ
පතා ආ දුක ගෙවනවා
නිවන මට ලං වේවා
සසර මග ඉතින් නිමවේවා
