ලිහිණි අක්කාට ඩිප්‍රෙෂන්

ලිහිණි අක්කාට ඩිප්‍රෙෂන්

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ලිහිණි අක්කේ.. ලිහිණි අක්කේ..
සීත ගංගා කොමළිය
අදත් සමනොළ කන්ද මුදුනින්
පැන නඟින්නේ නිසලව

දිනක් දෙදිනක් තුනක් හතරක්
බලා සිටිමුත් ඒ දෙස
ඔබේ කටහඬ පමණි ඇසුණේ
දැක්කේ නැහැ නුඹෙ වත මල

රාක්සයෙකුගෙ කන්නලව්වට
පයක් ලෙස්සා වැටුණද..
එසේ නැතිනම් සමනලුන් විත්
දෝංකාරයෙ තැබුවද..

රෝග ලක්ෂණ එකින් එක ගෙන
කිරා මැනලා බැලුවම
එදා අද හෙට කියා අපගේ
කතාවේ වෙනසක් නැත

ඩිප්‍රෙෂන් රෝගයට දුන් පෙති
වීසි කරලා ගඟුලට
අදත් අග්ගලා මිට මොලෝගෙන
සිරි පතුල නමදී ඇය

කවිය බලන්න