කිම මේ අරුමේ, !

කිම මේ අරුමේ, !

චමින්ද ලියනගේ බලංගොඩ

සුන්දරතාව මැව්ව
යුගයක මතක මැදින්
ආවට ගම් තුළානෙ
වෙන වෙන පැහැය අරන්
නිල් දිය වැල් ගලාය
නිහඬව පුරුදු වෙසින්
සත්සර නාද එක්ක
කොහෙ ගියෙ කුරුළු කොබෙයි,

දේදුනු පාට ගෑව
අසිරිය දුරට ඇදී
නිල් කඳු යාය දැක්කෙ
වෙනසක නොගෙන වෙසක්
මී මොර මල් පිපිච්ච
තුරුලිය වඳව ගිහින්
මානම මයි වැවෙන්නෙ
පිණිකැට කඳුළු පෙරන්,

බත් පත දුන්නු යායෙ
නැතුවට වපුල ගොයම්
වැව්වද මූකලාන
දඬුවමෙ නියැදි සොයන්
කාලය මැව්වෙ මේව
අරුමය දෙනෙත මවා
රන් කුරහන් තනාපු
අඩවියෙ බකුසු ගැයුම්,

ඉව් වැලිබත් බෙදාපු
උදවිය නොමැති සොවින්
හිස් අහසත් ළතෙත්ව
අව පැහැ ඇඳල උඩින්
පුස්පිත මල් නොදැක්කෙ
සුවඳට දෙවට දිගේ
තිස්සෙම රණ්ඩු ඇල්ලු
සඳලිද කොහෙද ගිහින්,

Photo Credit; Hưng Nguyễn

කවිය බලන්න