කවියයි   ගීයයි

කවියයි ගීයයි

චමින්ද ලියනගේ බලංගොඩ

කවියක් ගීයක හැඩ තල දාලා පනිහිඳ රුන්දුව රස පද මාලා සත්සර ගන්වා ගයනා ලීලා නන් රස කැන්දයි අසිරිය පාලා සිත රැඳි සිතුවම් උස්කොට අන්දන කෝමල රේකා තත් මත ඉන්දන විරිතෙන් විරිතට මදු රස කැන්දන කවියෙන් ගීයක රඳවයි වින්දන පෙර කල කවියන් මුනි ගුණ විසිරුව මග හිඳ ගීයට රස පද ඇසුරුව පද වැල් මෙත්තා ගුණයෙන් මිතුරුව සිත් මත මැව් හැටි කදිමයි බුදුරුව බැරි බර උහුලන දිවි මග කතරේ සුවඳින් සරසන කවි වැල් අතරේ ගීයට මුහු කළ ලියවිලි නිතොරේ සුසුමන් හස කැන් සමවම විසිරේ
කවිය බලන්න