නියම්(අ) නියම්
යොවුන් මදයෙන් මත්වැ මනසින්
ඈත්වී සිය බිරිඳ ගෙන්
කාත් කවුරුත් නැති වෙලාවක
අයාලේ ගිය ළදෙක ගෙන ආ
පුතෙක්, හැරදා දෙමාපියනද
පවුල් කති දැන් අනියමින්
---
අතැර දා නෑ පරපුරක්
වැතිර අම්මා සැදූ මැදුරේ
තාත්තා දුන් ඉසුරු සම්පත්
විඳී දෙන්නා අබිම්නින්
---
අම්මාට අම්මා කියන්නත්
තාත්තාට තාත්තා කියන්නත්
නොහැකි ලෙද අද ගොළුවෙලා
ඒ අජාසත් පුතණුවෝ
සරාගික ලොව කොටුවෙලා
--
පාර්ශ්වයෙනුත් අම්මගේ
සනුහරෙන් පියතුමාගේ
ඈත්වී මේ පුතාණෝ
අතරමංවී දිවිමඟේ
--
දිනෙක කවදා හෝ මතු
පුතෙක් ලදහොත් ඒ පුතාටත්
දැනේ මවුපිය සෙනෙහසේ
සක්සුදක් සේ උතුම් බවනම්
---
කළණ මිතුරන් සේ සිතා
පාප මිතුරන් වට කරන්
යනෙන ගමනේ කෙදිනකදි හෝ
ඔබත් ඔබ ඇඹෙණියත්
අතරමං වෙනු නියතමයැ
====================
කලාභූෂන,කිවිපති
ඩබ්ලිව්.කේ.සරත් විමලසිරි
======================
7/9/2025
Pgoto Credit; Loren Lee
කවිය බලන්න
