ඉල්පෝය

ඉල්පෝය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

පුර පෝදිනය චීවර මස අවසාන ටික ටික ඈත් වන කාලය වස්සාන පන්සල් අසපු වෙත සත්දන පියමාන සැම සිත් පිරෙන සමයෙකි දම් කල්‍යාණ ---- දේවාරෝහනය සිදුවූ මුතු අරුණේ දෙවුලොව සිට පැමිණ පෙළහර පෑ බුදුනේ දෙරණම තවුතිසාවක් කළ පෙර වරුණේ දුටු නෙත් අපමනිය දස දෙස දෙවු බවනේ --- උසපන් යතිවරුන් පසුවස් පවාරණ ඉල් පෝ දිනය මේ එළැඹෙන අසමාන පුරසඳ තරු වටා. දිදුලන රෑ පාන මහ පින් කෙතක් වැනි දේශය පුබුදාන ---- තුන් ලෝකයම පොඹකර රන්දියෙන් සර විවරණ ලබාගත් මෙත් බෝ සතුන් පෙර මේ මහ භද්‍ර කල්පය නිම කරන තිර බුද්ධත්වයට පත්වනු වස් පෙරුම් පුර --- නව රට සසුන් පිහිටනු වස් පිටත්ව පළවෙනි දහම් සැටනම වැඩු යටත්ව හිත සුව පිණිස නවරට දන මහත්ව විඳි සුව අනෝමය නොමගිය ඉවත්ව --- එදවස දෙවන බුදුහිමි ලෙස වර ලැබුණි බැබලු බුදු සසුන කිසිදා නොම පැරණි ඉල් පෝ දිනෙක බුදුහිමි කළ සඳ නිවිණි සැරියුත් මහරහත් මාහිමි පිරිනිවුණි --- මාතර වේරහේනේ රජමහ වෙහෙරේ ඉදිකළ මහා බුදු පිළිරුව හෙළ මෙපුරේ නෙත්කළු උමං මන්දිරයද නැති අඳුරේ ඉල් පෝ දිනය හා බැදි පුවතෙකි මිතුරේ ======================= කලාභූෂන කිවිපති සාසනකීර්ති දේශාභිමානී ඩබ්ලිව් කේ සරත් විමලසිරි ====================== 21/10/2025 Photo Credit; Alexis Antonio
කවිය බලන්න