ගං කොමලිය..
ළමැදෙහි උසම තැන
තුඩු අග රිදී පැහැයෙන
සිසිලස කොහිද වෙන
විඳිමි සැනසෙමි මිහිර විඳගෙන
නෙත් යොමා වටපිට
බැඳෙමි නුඹෙ රූ සපුවට
රැඳෙනු නුඹ හා මට
කියනු මැන රහසකින් හෙමිහිට
තැන්න මත දිව යමු
කඳු හෙල් මතින් පැනගමු
වැටි වැටිත් නැගිටිමු
පෙමින් තුරුගොමු අතර සැඟවෙමු
සිර කොට බැමි අතර
ලබනු මෙතරම් හිරිහැර
නොහඬන් ප්රිය සොඳුර
පිනක්මැයි නුඹ දැයට සිරිබර
සරු සාර කෙත් වතු
නහවන දියවරක් සතු
කිරිබරව ඇති තතු
වහා පවසමි නුඹට වී නතු
නිසළ බව රකිමින්
විටෙක රුදුරුව පනිමින්
මගදි තතු අසමින්
සයුර සිපගනු සොඳුර සුපෙමින්
Photo Credit; Cade Prior
කවිය බලන්න
